(කේ බුද්ධික කුමාරසිරි)

කඩුවෙල ප්‍රධාන බස් නැවතුම්පොලෙහි සති පොල භූමිය අසල නවතා තිබූ සුඛෝපභෝගී බස් රථයකට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු අද (05) දින අලුයම ගිනි තබා පලා ගොස් ඇති බව කඩුවෙල පොලිසිය පවසයි

මෙලෙස ගිනි තබා ඇත්තේ අධිවේගී මාර්ගය හරහා කඩුවෙල - මාතර ධාවනය කරන ලද සුඛෝපභෝගී බස් රථයකට වන අතර ගිනි ගැනීමෙන් බස් රථය සම්පූර්ණයෙන් ම දැවී විනාශ වී ඇත

එම බස් රථය අසල ගාල් කර තිබූ කඩුවෙල - කොල්ලුපිටිය සාමන්‍ය සේවා බස් රථ දෙකකට ද ගින්නෙන් සුළු හානි සිදුව ඇති බවද පොලිසිය පවසයි